හුගක් තැන්වල
හිගක් නැතුවම
ප්‍රේමයේ සුව මිල වුනා .....
Tuesday, May 11, 2021
Wednesday, April 22, 2020
Thursday, December 12, 2019
තොරොම්බල් සමනල්ලු
වරා මල් වගේ පියාඹා යන
තොරොම්බල් සමනල්ලු.....
ඉංගිරිසි මිනින්දෝරුවෝ තමයි
දඩබ්බර බත්කුරෝ....
හැමදාම මැරෙන අහිංසක පොරවල්
තමයි මී මැස්සෝ ...
Monday, September 30, 2019
Wednesday, February 20, 2019
සුළඟ අනවරතය
හෙතෙම නිසොල්මන්ය......
හිදිමි විඳිමි...
සිහින දෝ දකියි
කප්පරක් අඬ අඳුර බිද
අතරින් පතර දැල්වෙන නියෝන් එළි,
එක පාර කෑ ගහන කොන්ක්‍රීට්
රෑබදුලු ස්වර.....
නීරස කරයි සිත,
නිවා අහවරක් කල පෙම් පවත්
හෙමි හෙමින් දැල්වින ආයෙමත්...
දවා ගත් සිගැරැට්ටුව....
නිවා ගත් ප්‍රේමය.......
පිට අත්ල මත වැටුණු
ඇවිලුනු අළු
විසිරින
හෙතෙම නිසොල්මන්ය......
හිදිමි විඳිමි...
සිහින දෝ දකියි
කප්පරක් අඬ අඳුර බිද
අතරින් පතර දැල්වෙන නියෝන් එළි,
එක පාර කෑ ගහන කොන්ක්‍රීට්
රෑබදුලු ස්වර.....
නීරස කරයි සිත,
නිවා අහවරක් කල පෙම් පවත්
හෙමි හෙමින් දැල්වින ආයෙමත්...
දවා ගත් සිගැරැට්ටුව....
නිවා ගත් ප්‍රේමය.......
පිට අත්ල මත වැටුණු
ඇවිලුනු අළු
විසිරින
අනවරත සුළඟට......
Wednesday, September 19, 2018
මුකුලිතවි මහ රැයට නිදිවදින විහඟුනේ....
විකසිතවි මහ රැයට
මල් තෙමන පිනි බිදේ....
ඇයත් අද නිදි නැතිව දෙගොඩහරි යාමයේ....
ෆැක්ටරියේ වැඩගොඩක් ගොඩගැහී මයේ හිතේ.....
වැහිදියේ හෙලෙනු මැන පිනි බිදක් නිදහසේ
වැටෙනු මැන පිනි බිදේ කුරුළු යහනාවතේ..
විහඟ, හනික නුඹ අවදි වී.....
සරනු මැන ඒ යහට මහ රෑම කළුවරේ....
සඳ එළිය නුඹේ නමට එළියදෙයි හිතවතේ...
තනි නොවනු නුඹේ ළගින් රැදෙයි ඒ පිණි බිදේ....
ගොහින් නුඹ ඇය අසළ රැදී මොහොතක් මලේ...
හෙලණු මැන පිණි බිදුව සෙමින් ඇගේ මුව වටේ.....
Thursday, June 28, 2018
නුඹ සොයා ගත් මොණර කොළයක් මා ගෙවා දැමු මතක පදයක්
සරා සද අභියසක
නුරා පහසක පැතුම
මලානික අහස යට
සේවූ සිසිවන සුවදක මහිම.......
වරා මල් සිතක් යට
කෙලෙස සොයමිද සෙවන මම
මවා ගත් ප්‍රේමයක
වින්ද සිත් කවිය නුඹ.....
ඇහෙන් ඉගිකර පහස ගැන
ගයන්නේ අනුරාගි ස්වර නුඹ
තනන්නේ රෙසි කලාවන් ළැම
සරන්නේ ඇට මිදුලු නහර වල.....
අතැගිලෙන් තද කරපු මස්පිඩු
මතක් කෙරුවා ජීවිතේ වග
මේ නුඹයි සහ ඒ මමයි බව...
හීන් කිතියක් හදවත අසළ
අහෝ නෑ ඒ වෙදානාවක්
නුඹ සොයාගත් මොණර කොලයක්
මා ගෙවා දැමු මතක පදයක්......
Subscribe to:
Posts (Atom)
කළුවරක් නැති දාම
(1)
ගොස්තියාගේ අඩවිය
-
සරා සද අභියසක නුරා පහසක පැතුම මලානික අහස යට සේවූ සිසිවන සුවදක මහිම....... වරා මල් සිතක් යට කෙලෙස සොයමිද සෙවන මම මවා ගත් ප්‍ර...