Saturday, September 23, 2017







කළුවරක් නැති දාම 
නුඹ ඇවිත් නොකියාම
දැනුන මට පුරුද්දට 
සුවද නම් නුඹේමය..


හංදියේ කෙළවරේ
මගේ පොඩි ජීවිතේ
නුඹ ආවේ හැමදාම 
8.30 බස් එකේ...


සඳ නාව කළුවරේ
නුඹයි පුන් සඳ වුනේ
ගුරු පාර කෙළවරේ
ගුරු ගෙදර නංගියේ...


Office එකේ වැඩ ගැනයි
මල්ලිගේ දඟ ගැනයි
අම්මගේ ලෙඩ ගැනයි
අප්පච්චි නැති පාළුවයි...


"කෙළවරක් දැනුනේ නෑ
හිතට නිවනකුත් නෑ
ජීවිතේ දුක තමයි" 
නුඹ කියූ වෙලාවේ...


වීල් එක නැවතිලා පපුව මගේ පිච්චුනා
ඇත්තමයි රත්තරන් මං තාම එතනමයි
ඉමක් නැති මතකයේ...


තවත් අපි හෙමින් යං
ආදරේ දැනෙන කම්
උරහිසට අත තියලා
කනට කොදුරා කියූ කතාවේ...


අරුත මම සොයනවා
අතීතයේ පිටු පුරා
නුඹ ගෙතූ කතා අද
තනිවෙලා දිගන්තේ


ගුරු පාරේ වැලි කැටත්
ගුරු ගෙදර මතකයත් 
නුඹ ගියා අරගෙනම 
ආයෙමත් නොඑන්නට
ඇත්තමයි හිස්තැනක් 
අදත් මගේ ජීවිතේ...


අහම්බෙන් හමුවුනත්
හිනැහෙන්න බැරි වුනත්
අහැරුනා ආයෙමත්
මම තාම එතනමයි 
නුඹ තාම එහෙමමයි
අපේ මේ කතාවේ...

No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය