ප්‍රේමයේ ලසොගිණි සෝසුසුම් වියැකුනා
මන්ද්‍රයේ ස්වර දැහැන හීනියට හිනැහුනා
ආත්මයෙහි ඉකිබිදින නුබේ මුව සිහිවුනා
කුරානයේ පිටු අතර රෝසමල් පරවෙලා
රැහැයියෙකු ගැයු ගීය ගිගුම් දී වියැකුනා
නුබේ මුව සිහිවෙද්දි දෙනෙත් මගේ බොද වුණා
පැටලිච සිත් සෙවන අභියස දී හමුවෙලා
පතමු අපි සමුගන්න එක මොහොතෙ හිනැහිලා
සුවද මල් පුස්බ නුබේ සලුපටෙහි ලෙලදෙනා
ඉවකලා පුස්බ නුබේ හදවතෙහි පෙම පතා
ධුර්ථයෙ පෙම් පහස පවස මගේ වැඩි කලා
ආත්මයෙහි සැනසුමම නුබේ නමට පුදකලා
රාමසාන් සදත් හෙට ඉකිබිදි හිනැහිලා
හදවතත් කවිකියයි නුබ ගැනම පවසලා
හෙටත් මම ගොම්මනේ පුරුදු තැන තනිවෙලා
ඉන්නවා ඔබ එන්න ෆර්ධාව ගෙයි තියා.෴
Keshara
No comments:
Post a Comment